Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ තක්සේරු වාර්තාවක් කැබිනට් මණ්ඩලයට

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කරයි.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ලබාදෙන තීරණයෙන් පසුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගන්නා බව ද වැ.බ. පොලිස්පතිවරයා සඳහන් කර ඇත. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත පදනම්ව එම තක්සේරු වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වැ.බ. පොලිස්පතිවරයා සඳහන් කර ඇත.

Related posts

හිටපු ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ, ශ්‍රීලංකා පොදුජන පෙරමුණට

Editor O

தற்கொலை எண்ணம் என்னை வாட்டியது!- ஏ.ஆர். ரஹ்மான்

Mohamed Dilsad

பாகிஸ்தான் முதலீட்டாளர்கள் ஜனாதிபதி சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment