හිටපු අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත්කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් එම පක්ෂ කාර්යාලයේදී අද (22 ) එම පත්වීම ලබාදුන්නේය.
වෛද්‍ය රමේශ් පතිරණ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කැදවුම්කරු ලෙසද පත් කර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වූ වෛද්‍ය රමේශ් පතිරණ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීය.
රමේශ් පතිරණ මහතා සමග ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන හිටපු සභාපතිවරුන් හා පළාත් පාලන ආයතනවල සභිකයින් පිරිසක් ද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්හ.
