Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දින වෙන් කිරීම අලුත් විදියට.

විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ , ://www.immigration.gov.lk/ වෙබ් අඩවියට පිවිස දිනයක් වෙන්කර ගැනීමට, ලබන 06 වෙනිදා සිට අවස්ථාව සැලසෙන බව, ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය අද (04) ප්‍රකාශ කළාය.

විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ජනතාව අපහසුතාවට සහ අසීරුතාවට පත්වූ බව නිරීක්ෂණය වූ හෙයින් මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගත් බවද ඇය එහිදී ප්‍රකාශ කළා. එම නව ක්‍රමවේදය හරහාද සීමා සහිත ‘ටෝක්න්’ ප්‍රමාණයක් නිකුත් කරන බවත්, එය අවසන් වූවායින් පසු ඉදිරි දිනයක් සඳහා වෙන්කරගැනීමේ කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බවත්, ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය සඳහන් කළාය. දවසේ ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට ඕනෑම පුද්ගලයෙකුට මෙම වෙබ් අඩවිය හරහා දිනයක් වෙන්කරගැනීමේ හැකිය.

නොවැම්බර් මස අවසාන වනතෙක් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා දින ලබා දී අවසන් බවත්, ඒ හේතුවෙන් දෙසැම්බර් මස මුල සිට ඒ සඳහා දිනයක් වෙන්කර ගත හැකි බවත් ඇය කීවාය. එමෙන්ම විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට හදිසි පුද්ගලයෙකු වුවද මෙම ක්‍රමවේදය හරහා දිනයක් වෙන්කර ගත යුතු බවත්, අනතුරුව ඔහුගේ හදිසි අවශ්‍යතාව සනාථ කිරීමට හැකි ලියකියවිලි ද රැගෙන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසත් ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය දැනුම් දුන්නා.

කූඨ ලේඛන රැගෙන පැමිණෙන යම් කිසි පුද්ගලයෙකු හෝ වේවා එම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. මේ වනවිට විදෙස් ගමන් බලපත්‍ර 33,000ක සංචිතයක් පවතින බවත්, ඉදිරියේදී හත්ලක්ෂ 50,000ක පමණ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් ලැබීමට නියමිත බවත් ඇය කීවාය. සීමාවකට යටත්ව ගමන් බලපත්‍ර නිකුත් කිරන බවද ඇය කීවාය.

Related posts

Samaratunga assumes duties as Finance and Media Secretary

Mohamed Dilsad

இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

Mattala Airport to be developed with an India, Sri Lanka joint venture

Mohamed Dilsad

Leave a Comment