Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වෙනි සමාලෝචනය ප්‍රමාදවීම ගැන, හිටපු ඇමති කංචන විජේසේකරගෙන් ප්‍රකාශයක්

ගෑස් මිල සංශෝධනය මිල සූත්‍රයට අනුව සිදු නොකිරීමට වත්මන් පාලනය පියවර ගනිමින් ඇතැයි විදුලි බල හා බල ශක්ති හිටපු ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කීවේය.

කංචන විජේසේකර මහතා මෙසේ ද කීවේය. ලෝක වෙළඳපළේ දැනට ඉහළ ගොස් ඇති ගෑස් මිලට සාපේක්ෂව මෙරට ගෑස් මිල ඉහළ සංශෝධනය නොකිරීමෙන් මෙරට ගෑස් බෙදා හරින, ලාෆ් ගෑස් බෙදාහැරීම සීමිත කර ඇති බවත් එම තත්ත්වය මත ලාෆ් ගෑස් රට පුරා හිඟයක් ඇතිවී තිබෙන බවත් හෙතෙම සඳහන් කරයි.

ලිට්‍රෝ ගෑස් සමාගමද ගෑස් බෙදාහැරීමේ යෙදෙන්නේ මූලික පිරිවැය ආවරණය කිරීමකින් තොරව බවත් එය මිල සූත්‍රයට මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවන්ටද පටහැනි බවත් හෙතෙම පෙන්වා දෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වෙනි සමාලෝචනය මේ මාසයේ යෙදී තිබුණද එය කල් ගොස් ඇත්තේ මෙම තත්ත්වයන් නිසා බවද ඔහු චෝදනා කරයි.

පැවති ආණ්ඩුව සැලසුම් කර තිබුනේ නොවැම්බර් මාසයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකයකද ලබා ගැනීමට බවද පැවසූ ඔහු වර්තමාන ආණ්ඩුව යටතේ එය කල් ගොස් ඇති බවත් ඊට හේතු වී ඇත්තේ රජය මුල්‍ය අරමුදල විසින් පෙන්වා දී ඇති පරිදි මූලික පිරිවැය ආවරණය කර නොගෙන වෙළඳාමේ යෙදීම බව විය හැකි බවද හෙතෙම කියා සිටී.

Related posts

පාස්කු ඉරිදා දිනය අදයි

Mohamed Dilsad

திருமணமா? பரவும் தகவல் பற்றி விஷாலின் அதிரடி பதில்

Mohamed Dilsad

President emphasises he will not leave room for injustice to any child in receiving education

Mohamed Dilsad

Leave a Comment