Trending Newsඑසැන පුවත්දේශීය

අගමැති හරිනි ට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝදයක් නැහැ – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහත්මියට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවබෝධයක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. පන්නල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීවේය. විදේශ සංචිතය තියෙනවා. ආදායම් තියෙනවා. මේක දැන් ඉස්සරහට අරගෙන යන්න තියෙන්නේ. මේ අයට කරන්න පුළුවන්ද? මම දන්නේ නැහැ. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැන , අගමැති හරිනි අමරසූරිය මහත්මිය මගේ නම සඳහන් කරමින් ප්‍රකාශයක් කළා. ඇය කියනවා නිලධාරීන්ගේ අනුමැතිය ඕන කියලා කැබිනට් මණ්ඩලය ක්‍රියා කරන්න. ව්‍යවස්ථාව ඉගෙන ගන්න. ඇමති මණ්ඩලයයි රට පාලන කරන්නේ. හරිනි මහත්මියට ව්‍යවස්ථාව ගැන දැන ගන්න ඕනනම් කියන්න මම ඇවිත් කියලා දෙන්නම්. මෙහෙමද රට පාලනය කරන්නේ. ඒකයි අපි කියන්නේ පාර්ලිමේන්තුවේ පළපුරුදු අය ඉන්න ඕන. බබ්බු එක්ක මේක කරන්න බැහැ.

රාජ්‍යසේවයේ වැටුප් විෂමතා ගැන කටයුතු කිරීමට විශේෂඥ කමිටුවක් පත් කළා. වැටුප් වැඩිකළ යුතු ආකාරය කමිටුවෙන් නිර්දේශ කර තිබුණා. සියලු නිලධාරීන් මේකට අත්සන් කරලා තිබුණා. හිටපු ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න, ජාතික අයවැය දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිල්ශාන්, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස් ආලෝක බණ්ඩාර, ආයතන අධ්‍යක්ෂ ජනරාල් එස් ඒ චන්දන කුමාරසිංහ, සභාපති ලංකා වාණිජ මණ්ඩලය සහ වත්මන් ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව යන නිලධාරීන් අත්සන් කරලා තියෙනවා. කවුද කියන්නේ නිලධාරීන් සමග සාකච්ඡා කළේ නෑ කියලා.

රජයේ සේවකයන් ඡන්දය දුන්නේ සහන බලාගෙන. දැන් අතවනලා ටටා කියනවා. කෝ මේ වෘත්තීය සිමිති. වෘත්තීය සමිති . ඒ අය දැන් ඡන්දේ ඉල්ලනවා. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකරන ලෙස රජයට අපි බල කරනවා. යැයි ද කීවේය.

Related posts

OMP consultations commences in Mannar tomorrow

Mohamed Dilsad

නම සහ ලකුණ කාර්යාලයේ ප්‍රදර්ශණයට අවසර ඉල්ලයි

Mohamed Dilsad

Hikers trapped on mountain after Lombok earthquake

Mohamed Dilsad

Leave a Comment