Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා සියලු ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශවල ට බලපැවැත්වෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක්

රටපුරා සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අප්‍රිකානු සූකර උණ රෝගය සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන් රෝග අවදානම් සතුන් ලෙසත් ප්‍රකාශයට පත් කරමින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න කොතලාවල මහත්මිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඔක්තෝම්බර් මස 25 වනදා සිට මාස තුනකට නොඅඩු කාලයක් වලංගුවන පරිදි මෙම ගැසට් නිවේදනය බලපැවැත්වේ. ඒ අනුව සියලුම අවදානම් හා ආසාධිත ඌරන් ඝාතනය , ඌරු මස් ආශ්‍රිත නිෂ්පාදන, රෝග කාරක ද්‍රව්‍ය ආසාධිත ප්‍රදේශවල හෝ පිටතට ප්‍රවාහනය හා ඉවත් කිරීම, අවදානම් ඌරන් කෘත්‍රිම අභිජනනය කිරීම, සජීවි සත්ව වෙළඳාම, තරග පැවැත්වීම, ඌරන්, ඌරු මස් නිෂ්පාදන, රෝග කාරක ද්‍රව්‍ය විකිණීම හා ගබඩා කිරීම මියගිය රෝගී සතුන් ජලය සම්බන්ධ ස්ථාන වලට දැමීම හෝ වෙනත් තැනකට ප්‍රවාහනය කිරීම තහනම් කර තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්

Related posts

Greta Thunberg, climate change activist, sails into New York City

Mohamed Dilsad

New Chairman appointed for SriLankan Airlines today

Mohamed Dilsad

රවුෆ් හකීම් පාස්කු කොමිසමේ පොලිස් ඒකකය වෙත

Mohamed Dilsad

Leave a Comment