Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දියාවෙන් කටුනායක ට පැමිණි ගුවන් යානයක බෝම්බ බියක්

ඉන්දියාවේ සිට පැමිණි ගුවන් යානයක් තුළ බෝම්බයක් ඇතැයි ලැබුණු තොරතුරක් මත අද(28) සවස, කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට හදිසි ගොඩබැස්සවීමක් කර ඇත.

බෝම්බ නිශ්ක්‍රීය අංශය, ගලවා ගැනීමේ විශේෂ පුහුණුවලත් කමන්ඩෝ භට කණ්ඩායම්, වෛද්‍යවරු සහ හෙදියන් ඇතුළු හිදිසි අවස්ථාවක් සඳහා ගුවන්තොටුපොළ සූදානම් කර එම ගුවන් යානයෙන් මගීන් පිටතට ගෙන, ගමන් මලු සහ ගුවන් යානය පරීක්ෂා කර තිබේ. එහෙත් සැක කටයුතු කිසිවක් හමුවී නැතැයි ගුවන් තොටුපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.-320 වර්ගයේ යානයේ ගුවන් මගීන් 108 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය තවත් 08 දෙනෙකු ද පැමිණ තිබුණි .

ගුවන් යානය තුළ බෝම්බ අටවා ඇති බවට නවදිල්ලියේ, ඉන්දීය ගුවන් සේවයේ ප්‍රධාන කාර්යාලය ට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී තිබූ අතර , එම පණිවිඩය වහාම ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් සේවා කළමනාකරු වෙත ලබා දීමට පියවර ගෙන තිබුණි . ඒ අනුව ගුවන් යානය හදිසි ගොඩ බැස්සවීම කර තිබිණ.

පසුගිය 19 දින සහ 24 යන දින ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා දෙකක් තුළ ද බෝම්බ අටවා ඇති බවට , ඉන්දියාවේ සිට සිදු කළ දැනුම් දීම මත , එම ගුවන් යානා දෙක ද කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමකට ලක් කිරීමට පියවර ගෙන තිබූ අතර එම යනාවලින් සැක කටයුතු කිසිවක් හමුනොවින.

Related posts

Duo arrested for taking photographs on top of Chaithya further remanded

Mohamed Dilsad

Shooting incident in Modara

Mohamed Dilsad

කොළඹ ඇතුළු පළාත් කිහිපයකට නැවතත් ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment