Trending Newsඑසැන පුවත්දේශීය

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම ඇරඹේ

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා, නිවෙස් වෙත තැපැල් මගින් බෙදා හැරීම අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද (27) ඉරිදා දිනයේ දී එම බෙදාහැරීම් කටයුතු සිදු කරන බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අද සිට නොවැම්බර් මස 7 වැනිදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හැරීම සිදු කරන බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නොවැම්බර් මස 3 වන ඉරිදා දිනද විශේෂ දිනයක් ලෙස ජන්ද පත්‍රිකා ජන්දදායකයින් වෙත බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවත්, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හැරීම සඳහා 8000ක පමණ තැපැල් කාර්යය මණ්ඩලයක් යොදවන තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ නිල දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති බැවින් එම දිස්ත්‍රික්කයේ බෙදාහැරීම පසුව සිදු කරන බවද සඳහන්.

Related posts

No proof of Sri Lanka bombers visiting India

Mohamed Dilsad

O/L, A/L Candidates requested to obtain NICs without delay

Mohamed Dilsad

Wonder Woman crushes expectations with historic $100 million debut at US box office

Mohamed Dilsad

Leave a Comment