Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ජපානයේ පාර්ලිමේන්තු මැතිවරණය අද (27) 

ජපාන මහ මැතිවරණය අද (27) පැවැත්වේ. ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ශිගේරු ඉෂිබා තේරී පත්වීමෙන් පසු හදිසි මහ මැතිවරණයක් පවත්වන බව නිවේදනය කෙරිණ. පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයා ලෙස ඔහු පත්වීමත් සමගයි අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.

පාලක පක්ෂයට එල්ලවී ඇති දූෂණ චෝදනාවලට නිසි පිළිතුරු ලබා දීමට නම් අග්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගත යුතුයි. එරට විපක්ෂ කණ්ඩායම් මැතිවරණයට දුර්වල පෙරමුණකින් ඉදිරිපත්ව ඇති බවද විශ්ලේෂකයින් සඳහන් කරයි.

ඒ හේතුවෙන් ෂිගේරු ඉෂිබාගේ නායකත්වයෙන් යුතු ලිබරල් ඩිමොක්‍රොටික් පක්ෂය ජපාන පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගනු ඇති බවට විශ්ලේෂකයින් සඳහන් කරයි.

Related posts

Trump White House will not make visitor logs public, break from Obama policy

Mohamed Dilsad

ඉන්දියාවේ 72 වන ජනරජ දිනය අදයි

Mohamed Dilsad

ගුවන් යානයක් හදිස්සියේ ගොඩ බස්සවයි

Mohamed Dilsad

Leave a Comment