Trending Newsඑසැන පුවත්දේශීය

බැසිල් රාජපක්ෂ ඇමරිකාවේදී අසනීප වෙලා

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය විභාග වන නඩුවන නඩුවක පෙනී සිටීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට අදාළව විභාග වන නඩුවක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි, නීතිඥයන් අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයා අසනීපයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සිටින බවයි. ඊට අදාළ වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා ඇත්තේ ජර්මන් ජාතිකයකුගෙන් අදාළ ඉඩම මිලදී ගැනීමේදී මුදල් උපයා ගැනීම සම්බන්ධයෙනි. බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සහෝදරියකගේ නමින් එම ඉඩම මිලදී ගෙන ඇති අතර මිලදී ගැනීමට අදාළ මුදල් ඇයගේ ගිණුමකට බැර කර ඇත. එම මුදල් ලැබී ඇති ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇතැයි ද සඳහන්.

Related posts

President pays last respects to Chandra Rajapaksa [IMAGES]

Mohamed Dilsad

මූල්‍ය කළමනාකරණයේදී පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය ආරක්ෂා කරන්න කැපවෙනවා – ජනපති

Mohamed Dilsad

Minister Bathiudeen to visit New Delhi to resolve incompatibilities on reception of Ceylon Black Pepper in Indian market

Mohamed Dilsad

Leave a Comment