Trending Newsඑසැන පුවත්දේශීය

බැසිල් රාජපක්ෂ ඇමරිකාවේදී අසනීප වෙලා

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය විභාග වන නඩුවන නඩුවක පෙනී සිටීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට අදාළව විභාග වන නඩුවක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි, නීතිඥයන් අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයා අසනීපයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සිටින බවයි. ඊට අදාළ වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා ඇත්තේ ජර්මන් ජාතිකයකුගෙන් අදාළ ඉඩම මිලදී ගැනීමේදී මුදල් උපයා ගැනීම සම්බන්ධයෙනි. බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සහෝදරියකගේ නමින් එම ඉඩම මිලදී ගෙන ඇති අතර මිලදී ගැනීමට අදාළ මුදල් ඇයගේ ගිණුමකට බැර කර ඇත. එම මුදල් ලැබී ඇති ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇතැයි ද සඳහන්.

Related posts

විදුලිය සහ ඉන්ධන සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරේ

Mohamed Dilsad

24 மணித்தியாலங்களில் 200 மில்லி மீட்டர் வரையில் கடும் மழை

Mohamed Dilsad

Van and cab collides in Kekirawa last night

Mohamed Dilsad

Leave a Comment