Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු ඡන්දයට කුසපත් ඇදීමක්

පාර්ලිමේන්තු මැතිවරණයේ දේශපාලන ගුවන් ප්‍රචාර සඳහා කාලය වෙන් කිරීමේ කුසපත් ඇදීමට පියවර ගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, නාම යෝජනා පත්‍රයක් භාරදී ඇති සෑම පිළිගත් දේශපාලන පක්ෂයකටම හෝ ස්වාධීන කණ්ඩායමකටම ගුවන් ප්‍රචාර පහසුකම් ලබා දිය යුතු බවයි. ඒ සඳහා කුසපත් ඇඳීමේ කටයුතු හෙට(22) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, ඒ සඳහා 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් වලංගු නාම යෝජනා පත්‍ර භාරදී ඇති පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට හෝ ලිඛිතව බලය පැවරූ නියෝජිතයින්ට සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයින්ට හෝ ලිඛිතව බලය පැවරූ නියෝජිතයින්ට පමණක් සහභාගි විය හැකි බවයි.

Related posts

වරාය නගර පනත් කෙටුම්පත වැඩි ඡන්ද 89 කින් සම්මත වෙයි [VIDEO]

Mohamed Dilsad

විදෙස් මුදල් තැන්පතු ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ තැන්පත් කරන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

විදේශ ගත වීමට එන ගුවන් මගීන්ට විශේෂ බස් රථ සේවාවක්

Mohamed Dilsad

Leave a Comment