Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් රජයෙන් පත්වීම් ලැබූ ඉහළ නිලධාරීන් දෙදෙනකුට දඬුවම් කළ යුතු බව පාස්කු විමර්ශන වාර්තාවේ, සඳහන් – මැල්කම් කාදිනල් කියයි.

පාස්කු ප්‍රහාරයට අදාළව පරීක්‍ෂණ කිරිමට පසුගිය රජය විසින් පත් කළ කමිටු වාර්තා දෙකක් තමන් වෙතද ලබාදී ඇති බව අගරදගුරු මැල්කම රංජිත් කාදිනල්තුමන් පවසති. නමුත් එම වාර්තා වන්හිද තිබුණේ ඊට පෙර ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශම බවද පැවසූ අගරද ගුරුතුමන් ඊට අමතර නිර්දේශ දෙකක් කමිටුව වාර්තාවට එකතු කර තිබූ බවද සඳහන් කළේය.

වර්තමාන රජයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් දෙදෙනෙකුට දඬුවම් කළ යුතු බවටම එම නිර්දේශවල දැක්වුනු බවද පැවසූ අගරදගුරුතුමන් පාස්කු ප්‍රහාරය එක් එක් ආණ්ඩුවට වුවමනා ලෙස දේශපාලන වාසි තකා වාර්තා සකස් කර තිබූ බවත් පැවසූහ.

ඒ කිසිවක් පිළිගත නොහැකි බවත් වර්තමාන ජනාධිපතිවරයා අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් ඒ ගැන සිදු කරන බවත් ඒ වෙනුවෙන් දෑස් ද ඇරගෙන බලා සිටින බවද අගරදගුරුතුමන් තවදුරටත් කියා සිටියහ.

Related posts

සැප්තැම්බර් 11 ප්‍රහාරයේ මතකය

Mohamed Dilsad

Media asked to refrain from telecasting footages of weapons discovered during search operations

Mohamed Dilsad

New York Times claims: Dambara Amila Thero calls Presidential Commission to probe the facts

Mohamed Dilsad

Leave a Comment