Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පෙර තිබූ බදු ඒ ආකාරයෙන් ම නැවත පනවයි. මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සනාථ කරයි.

රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අලුතින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනවා ඇති බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව මුදල්ල ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. පෙර තිබූ බදු යළි ඒ ආකාරයෙන්ම බලාත්මක කිරීම පමණක් සිදු කර ඇතැයි ද එම නිවේදනයේ සඳහන්.

විශේෂ වෙළඳ බාණ්ඩ 2007 අංක 48 දරන බදු පනත යටතේ 2024 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2406/02 ගැසට් නිවේදනය මගින් භාණ්ඩ වර්ග 05ක් සඳහා බදු පනවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තාවලට අදාළව එම නිවේදනය නිකුත් කරතිබේ.

විශේෂ වෙළඳ භාණ්ඩ 2007 අංක 48 දරන බදු පනතේ 2 වගන්තිය යටතේ බදු පැනවීමේ නියමයන් හි ප්‍රධාන වශයෙන් අදාළ භාණ්ඩ නිශ්චිතව රේගු සංකේතාංක සමග අදාළ බදු අනුපාතයන් සමගින් දැක්වීමත් එම නියමය බලාත්මක වන නිශ්චිත කාල පරාසය, අදාළ නියමයේ සදහන් කිරීමත් ප්‍රධානම නීතමය අවශ්‍යතාවන් 03ක් බව නිවේදනයේ සඳහන්.

එම නීතිමය අවශ්‍යතාවය පදනම් කරගෙන, ආනයනික භාණ්ඩ 05ක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කර තිබු 2353/77 දරන ගැසට් නිවේදනයේ වසරක් වු වලංගු කාලය අවසන් වු බැවින් එය නැවත එලෙසම දීර්ඝ කර ඇති බවයි එමගින් පෙන්වා දී ඇත්තේ.

මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනය පහතින්

Related posts

AG files 7,573 charges against Avant Garde case suspects

Mohamed Dilsad

“Perfect” Rabada fuels South African sweep over Sri Lanka

Mohamed Dilsad

මුහුණු ආවරණයකට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

Leave a Comment