Trending Newsඑසැන පුවත්දේශීය

අර්ජුන ඇලෝසියස්ගේ බිලියන 3.5 බදු වටිනාකම රජයට අයකර ගන්නවා – දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලි චන්ද්‍රසේකර

බදු ගෙවීම් පහැර හැරීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින අර්ජුන් ඇලෝසියස්ගෙන් එම බදු මුදල අධිකරණයේ ගිණුම් අංකයකට බැර කරගැනීමට අදාළ නීතිමය කටයුතු නුදුරේදීම කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලි චන්ද්‍රසේකර මහත්මිය ප්‍රකාශ කළාය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නඩු පවරන නමුත් පැහැර හැරිය බදු මුදල් අය කරගැනීමේ බලය ඇත්තේ අධිකරණයට බැවින් එම නෛතික ක්‍රියාවලිය තුළ බදු අය කරගැනීම සිදුවනු ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය පෙන්වා දෙයි. අධිකරණයට නිකුත් කරන නියෝගය අනුව නොගෙවූ බදු මුදල් සහ දඩ මුදල් ඇලෝසියස් සතු බැංකු ගිණුම්වල මුදල්වලින් හෝ ඔහුගේ දේපල අත්පත් කරගැනීමකින් පියවීමේ බලය දේශීය ආදායම් පනතට අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නීතිප්‍රතිපාදන තිබෙන බවද, කොමසාරිස් ජනරාල්වරිය කීවාය.

Related posts

தபால் மூல வாக்களிப்புக்கு விண்ணப்பிக்கும் இறுதி தினம் இன்றுடன் நிறைவு

Mohamed Dilsad

Nokia 3310 phone relaunched

Mohamed Dilsad

Spiderman Far From Home trailer: Best takeaways

Mohamed Dilsad

Leave a Comment