Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවෙත් – විපක්ෂයෙත් අර්බුධ ගැන හිටපු ඇමති රාජිතගෙන් ප්‍රකාශයක්

ජාතික ජන බලවේග ආණ්ඩුව තුළත් සමගි ජන බලවේගය තුළත් විවිධ අර්බුද දැනටමත් හටගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

සජබ අර්බුදය මේ වනවිට එළිපිටට ඇවිත් තිබෙන බවත් එනිසා බහුතරයක් පිරිස පක්ෂ නායකත්වය ගැන කලකිරී ඇතැයිද රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි . මාලිමාවෙත් අර්බුද තියෙනවා. ඔවුන් අයිඑම්එෆ් එකේ කොන්දේසිවලට ඉස්පිල්ලක්, ඇළපිල්ලක්, පාපිල්ලක් නෑරම එකඟ වෙනකොට, තමන්ගෙ නායකයො මුද්දර ගහගෙන බොහොම උජාරුවෙන් ඒවා ජනතාවට පෙන්නනකොට ඇත්තටම ඒගොල්ලන්ට හිරිකිතයක් ඇතිවෙනවා. ඒ නිසා මාලිමාවත් හෙල්ලිලා තියෙන්නෙ. එන අප්‍රේල් මාසෙ වෙනකොට මේ අර්බුදය දෙගොඩතලා යනවා. මේ ආණ්ඩුව එපා වෙනකොට ආපහු ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා ට පාලනය බාර ගන්නා ලෙස ඉල්ලනු ඇතැයි ද සේනාරත්න මහතා පැවසීය.

Related posts

“No patients of Dr. Shafi have come forward for tests in sterilization case” – Health Ministry

Mohamed Dilsad

ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකයි – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

Editor O

දින 10 කට ශ්‍රී ලංකාවට ඇතුලුවීම තහනම්

Mohamed Dilsad

Leave a Comment