Trending Newsඑසැන පුවත්දේශීය

ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකයි – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

(UTV | කොළඹ) –

ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔස්ට්‍රියාවේ වියානාහි පැවති ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයේ දී මේ සම්බන්ධයෙන් සාමාජික රටවල් දැනුවත් කළ බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන තුළින් අභියෝගවලට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුවත් කිරීම් සිදුකළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

2023 වසරේ හදුන්වාදුන් දූෂණ විරෝධී පනත බලාත්මක කිරීමෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම මෙම ප්‍රයත්නයේ වැදගත් පියවරක් බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය අංශ ශක්තිමත් කිරීම සෑම පුරවැසියෙකුගේම කැපකිරීම් හා උත්සාහයන් තුළින් අත්කරගත් ප්‍රගතිය බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කරයි.

Related posts

ජන ජීවිතවල ආරක්ෂාව පිළිබඳව රජය දැඩි අවධානයෙන් – අගමැති

Mohamed Dilsad

ව්‍යාපාරික ධම්මික පෙරේරා සතුව තිබූ කොමර්ෂල් බැංකුවේ කොටස් විකුණයි

Editor O

වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි සුළු සේවකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment