Trending Newsඑසැන පුවත්දේශීය

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 10 ක් අවධානම් : විමසිලිමත්ව සිටින්න – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

දිස්ත්‍රික්ක 10ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයැමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබේ.

ගාල්ල, කළුතර, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති අතර, බදුල්ල, කොළඹ, ගම්පහ, මාතර, නුවරඑළිය, කුරුණෑගල සහ රත්නපුර, යන දිස්ත්‍රික්ක සඳහා අදියර 01 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

මේ අතර දිවයින ආශ්‍රිත වායුගොලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, ඊයේ (10) පෙරවරු 8.30 සිට අද (11) අළුයම 2.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර එය මිලිමීටර 196.5කි.

Related posts

මියන්මාරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

Editor O

இத்தாலியில் பாலமொன்று இடிந்து வீழ்ந்ததில் 26 பேர் பலி

Mohamed Dilsad

மீள் பரிசீலனை விண்ணப்பங்களுக்கான கால எல்லை அறிவிப்பு

Mohamed Dilsad

Leave a Comment