Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති තැපැල් මුද්දර නැවත බාර දෙන ලෙස දැනුම් දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත්කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

එසේම එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙස සියලුම තැපැල් කාර්යාලවලට දැනුම්දී ඇතැයි තැපැල්පතිවරයා විසින් තැපැල් කාර්යාලවලට දැනුම් දී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ටම රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුද්දර වාර්ෂිකව නිකුත් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම අහෝසි වී ගිය හෙයින් මෙම දීමනාව අහෝසි කරන බව සඳහන්. මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩල දීමනා ඉන්ධන දීමනා, නිල නිවාස මෙසේ අහිමිවී ගිය දීමනා ලෙස සැලකෙයි.

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18 ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

ආණ්ඩුවෙන් කරපු හොර වැඩක් ගැන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයෙන් නිවේදනයක්

Editor O

විදේශ රැකියාලාභීන්ට ලබාදෙන පුහුණුව සංශෝධනය කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment