Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් ට සහාය දුන් පිරිස ගෑස් සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තු මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීම සඳහා මූලික වටයේ සාකච්ඡාවලදී එකඟතාවලට පැමිණ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක නියෝජිඅත්සන් කර තිබිණ, හිටපු මන්ත්‍රීවරු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරගවදින සලකුණ සහ සන්ධානය පිළිබඳ අවසන් එකඟතාවකට එළඹීමේ විශේෂ සාකච්ඡාවක් කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී පවත්වා තිබේ. එහිදී ගෑස් සිලින්ඩරය ලකුණින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට එම කණ්ඩායම තීරණය කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ගෑස් සිලින්ඩරය ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීමට අදාළ නාම යෝජනා සැකසීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ද වාර්තාවෙයි.

Related posts

உரம் ஏறிச்சென்றை லொறி குடைசாய்ந்து விபத்து

Mohamed Dilsad

வடக்கு – கிழக்கு மாகாணங்களில் அலங்கார மீன் உற்பத்தி

Mohamed Dilsad

Lance Armstrong settles USD 100 million US government lawsuit for USD 5 million

Mohamed Dilsad

Leave a Comment