Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ නියෝජිතයෝ හෙට (01) ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා ජනාධිපති අනුර දිසානායක මහතා අතර සාකච්ඡාවක් මේ සතියේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ සඳහා සහභාගී වන අයිඑම්එෆ් නියෝජිතයන් හෙට (01) දිවයිනට පැමිණෙන බව වාර්තාවෙයි.

ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ අරමුදල් පහසුකමේ තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් නව රජය සමග සාකච්ඡා කිරීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් මෙසේ පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක කරන වැඩසටහනේ ප්‍රගතියද එහිදී සලකා බැලේ.

නොවැම්බර් මාසයේදී ලබාදීමට නියමිත මීළඟ වාරිකය පිළිබඳ තීරණය එහිදී සලකා බලන බවද, සඳහන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා නැවතත් ඉක්මනින් ආරම්භ කිරීමට තමා කැපවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පසුගියදා ජාතිය අමතමින් ප්‍රකාශ කර තිබේ.

Related posts

“Islamic State seeking alliance with al Qaeda,” Iraqi vice President says

Mohamed Dilsad

இலஞ்சம் பெற்ற பொலிஸ் கான்ஸ்டபிளுக்கு கடூழிய சிறைத்தண்டனை

Mohamed Dilsad

Youth falls to his death from hotel building at Galle Face

Mohamed Dilsad

Leave a Comment