Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ නියෝජිතයෝ හෙට (01) ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා ජනාධිපති අනුර දිසානායක මහතා අතර සාකච්ඡාවක් මේ සතියේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ සඳහා සහභාගී වන අයිඑම්එෆ් නියෝජිතයන් හෙට (01) දිවයිනට පැමිණෙන බව වාර්තාවෙයි.

ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ අරමුදල් පහසුකමේ තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් නව රජය සමග සාකච්ඡා කිරීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් මෙසේ පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක කරන වැඩසටහනේ ප්‍රගතියද එහිදී සලකා බැලේ.

නොවැම්බර් මාසයේදී ලබාදීමට නියමිත මීළඟ වාරිකය පිළිබඳ තීරණය එහිදී සලකා බලන බවද, සඳහන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා නැවතත් ඉක්මනින් ආරම්භ කිරීමට තමා කැපවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පසුගියදා ජාතිය අමතමින් ප්‍රකාශ කර තිබේ.

Related posts

பிரேசிலில் கனமழை, வெள்ளத்துக்கு 9 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

ඉන්දියාවට ගොස් සිටි නාවික හමුදා සාමාජිකයන් 10 දෙනෙකු දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

බෙරගල හමුදා කඳවුරේ 88-89 සිටි ගෝනි බිල්ලා වත්මන් ආණ්ඩුවේ ඉදිරිපෙළ ඇමතිවරයෙක්…? – චාමර සම්පත්

Editor O

Leave a Comment