Trending Newsඑසැන පුවත්දේශීය

අගමැති ධූරය සජිත් ප්‍රේමදාස මහතාට දෙන්න කැමතියි – එජාප, කැස්බෑව ආසන සංවිධායක සමන් රත්නප්‍රිය

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගතහොත්, අගමැති ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම පිළිබඳව කිසිදු අකමැත්තක් හෝ විරෝධයක් නැතැයි එජාප කැස්බෑව ආසන සංවිධායක සමන් රත්නප්‍රිය මහතා පවසයි.

මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් සමන් රත්නප්‍රිය මහතා මෙසේ ද කීවේය. “පක්ෂයේ සාම්ප්‍රදාය තමයි ජනාධිපති ධූරයට පත්වෙච්ච කෙනෙක් නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට ඉල්ලන්නේ නෑ. ඉතින් මේ නායකයා සූදානම් නෑ ඒ සම්ප්‍රදායන් කඩලා වැඩ කරන්න. හැබැයි එහෙම වුණා කියලා පක්ෂයේ නායකයා ඔහු පක්ශයට නායකත්වය දෙන එක අබ මල් රේණුවකින්වත් වෙනස් වෙන්නෙ නෑ. හැබැයි ඒ වගේම රටට යම් මොහොතක  නායකත්වයක් වුවමනා වුණාම ඒ නායකත්වය දෙන්නා පෙර පරිදිම රනිල් වික්‍රමසිංහයන් සූදානම් කියන කාරණයත් අපි මේ මොහොතේ ඉතා පැහැදිලිවම කියනවා. ඇත්තටම සමගි ජන බලවේගයත් එක්ක සාකච්ඡා වට තුනක් විතර තිව්වා. තවදුරටත් සාකච්ඡා විවෘතයි. සාකච්ඡා  වලට ඉඩකඩ තියෙනවා ඒ වගේම  විවිධ කණ්ඩායම් මැදිහත් වෙමින් සාකච්ඡාවලට සම්බන්ධ වෙලා තියෙනව. ඉතින් ඒ නිසා ඒ සාකච්ඡා පිළිබඳව අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ. පක්ෂ වලට අනන්‍ය වූ සැලකුණු වලින් අපි ඉදිරිපත් වෙන්නේ නැහැ මේ මත වෙනකොට අපි ඒකට කැමති නමුත් අපි ඉදිරිපත් වෙන්නේ නෑ. පොදු තත්ත්වය ආරක්ෂා කරගන්න. ඒක නිසා පොදු සලකුණක් අනිවාර්‍යෙන්ම සඳුදා හවස් වෙනකොට ඉදිරිපත් වෙයි ඒකෙන් අපි තරඟ කරනවා. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ කණ්ඩායම සමග සන්ධානගතව තරඟ කරලා ජයග්‍රහණය කළොත් අගමැති ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම පිළිබඳව කිසිදු අකමැත්තක් හෝ විරෝධයක් නැහැ. යැයි ද කීවේය.

Related posts

බාධක ජයගෙන සාර්ථකව සිය අධ්‍යාපන කටයුතු කරන දෘශ්‍යාබාධිත ශිෂ්‍යයා

Mohamed Dilsad

Annular solar eclipse visible from Sri Lanka on Dec. 26

Mohamed Dilsad

US envoy Stephen Biegun tells North Korea: ‘Let’s get this done’

Mohamed Dilsad

Leave a Comment