දේශීය

බාධක ජයගෙන සාර්ථකව සිය අධ්‍යාපන කටයුතු කරන දෘශ්‍යාබාධිත ශිෂ්‍යයා

(UTV | කොළඹ) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට සාමාර්ථ 9ක් ලබා ගනිමින් බ්‍රයන් කිංස්ටන් දෘශ්‍යාබාධිත ශිෂ්‍යයා විශිෂ්ට අධ්‍යයන ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්ව තිබේ.

දෘෂ්‍යාබාධිත ශිෂ්‍යයෙකු වශයෙන්, 16-හැවිරිදි කිංස්ටන්, තම සම වයසේ මිතුරන් සඳහා ධෛර්ය සම්පන්න මනසකින් ඉදිරියට එන සියලු බාධක ජය ගත හැකි ආකාරය ඉගෙන ගැනීමට ආදර්ශයක් ලබා දී තිබේ.

මට්ටකුලියේ පවුලක දෙවන පුත්‍රයා ලෙස උපත ලැබූ බ්‍රයන් දෘශ්‍යාබාධිත නමුත් ඔහුගේ උසස් අභිලාෂයන් සාක්‍ෂාත් කර ගැනීමට ඔහුගේ ආබාධිතභාවය කිසි විටෙකත් බාධාවක් නොවන බවට ලෝකයාට අවබෝධ කර දී තිබේ.

“මගේ මව සතුටු කිරීමට සහ ආඩම්බර වීමට මම උපරිම උත්සාහයක් දරමි,” යනුවෙන් බ්‍රයන් පවසයි.

“මගේ මව, මගේ උපදේශකයා වගේම, මගේ ලොකුම ශක්තියයි. මගේ ගමනේ සෑම පියවරකදීම ඇය මට මඟ පෙන්වූ අතර ඇය මා කෙරෙහි තැබූ විශ්වාසය මගේ සිහින සැබෑ කර ගැනීමටත් ඇයව මිහිපිට සිටින ප්‍රීතිමත්ම මව බවට පත් කිරීමටත් මට ශක්තිය ලබා දී ඇත.”

බ්‍රයන් කිංස්ටන් යනු මේ ලෝකේ අසිරිය විඳින්නට අවස්ථාව නොලැබුණු දරුවෙකි. මෙම දරුවා ඉගෙනුම ලබා ඇත්තේ රත්මලාන අන්ධ විද්‍යාලයේ වන අතර බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපනය හදාරා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ 9 ක් ලබාගෙන අන්ධ විද්‍යාලයීය ඉතිහාසය වෙනස් කරන්නට මෙම දරුවාට හැකියාව ලැබී ඇත. බ්‍රයන් කිසි දිනෙක ඔහුගේ මුළු පාසල් ජීවිතය පුරාවටම අමතර පන්තිවලට ගොස් නැති අතර කලා වෘත්තියක් කරගෙන නීතීඥයෙකු වීමට බලාපොරොත්තු වේ.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

කන්දකාඩු ආශ්‍රිත 500 කට අධික පිරිසකට කොරෝනා

Mohamed Dilsad

කළුතර මහ රෝහලෙන් සායන සඳහා දුරකථන සේවාවක්

Mohamed Dilsad

පාසල් වාර විභාග ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment