Trending Newsඑසැන පුවත්දේශීය

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ නිල රථය දියවන්නා වගුරු බිමේ කරනම් ගහයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. එස්. තුයිය කොස්තා මහතාට, ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අළුයම අනතුරට ලක්වී ඇතැයි වැලිකඩ පොලීසිය කියයි.

වේගය පාලනය කර ගැනීමට නොහැකි ව, ඩිපෙන්ඩර් රථය දියවන්නා වගුරු බිමට පෙරළී ඇතැයි පොලීසිය කියයි. අනතුර සිදුවන අවස්ථාවේදී ආරක්ෂක ලේකම් එච්. එස්. එස්. තුයිය කොස්තා මහතා එම රථයේ සිට නැති බවද අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි. කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් ඩිපෙන්ඩර් රථයේ එහි රියදුරුවන යුද හමුදා සෙබළා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරින් රියදුරුට කිසිදු තුවාලයක් සිදුවී නොමැති අතර ඩිපෙන්ඩර් රථයට බරපතල අලාභ සිදුව ඇතැයි පොලීසිය කියයි.

අමාත්‍යාංශයේ සිට ආරක්ෂක ලේකම්වරයාව රැගෙන ඒම සඳහා කියැහැම් හන්දියේ සිට පොල්දූව දෙසට ධාවනය වෙමින් තිබියදී පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම වම් පස දියවන්නා වගුරු බිමට පෙරළීමෙන් අනතුරු සිදුව තිබෙනවා.

Related posts

India assists Sri Lanka in sanitation sector project

Mohamed Dilsad

பலத்த சூறாவளி வீசக்கூடும்

Mohamed Dilsad

විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක්

Mohamed Dilsad

Leave a Comment