Trending Newsඑසැන පුවත්දේශීය

රාජකාරියේ වගවීම පැහැරහැරි තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම්

තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සම්බන්ධ රාජකාරි පැහැර හැරීම හේතුවෙන් ඔවුන්ගේ වැඩ තහනම් කර තිබේ. එම සේවකයින් කළුතර සහ පුත්තලම තැපැල් කාර්යාලවලට අනියුක්තව සේවය කරන කරන බවද සඳහන්.

2024 ජනාධිපතිවරණයට අදාළ මෙතෙක් නොලැබුණු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සිය අනන්‍යතාව තහවුරු කර අද දිනය (21) දිනයේත් තමන්ට ආසන්න තැපැල් කාර්යාලයෙන් ලබාගැනීමට ඡන්ද දායකයින්ට පහසුකම් සලසා තිබෙනවා.

කෙසේ වෙතත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැතිව වුවද හැඳුනුම්පත රැගෙන යාමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

பாராளுமன்றத்தில் பெண்களின் பிரதிநிதித்துவத்தை அதிகரிக்க வேண்டும்-ஜனாதிபதி

Mohamed Dilsad

10 ½-Hours water cut in several areas tomorrow – NWSDB

Mohamed Dilsad

VIP Assassination Plot: Muzammil appears before CID

Mohamed Dilsad

Leave a Comment