Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්වයට පෙනී සිටින සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් උපදෙස් මාලාවක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15) පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් මිත් ජයසුන්දර මහතා පවසයි. ඒ සඳහා සිසු සිසුවියන් 323,879 පෙනී සිටීමට නියමිතයි.

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු නොකරන නොකරන ලෙස දැනුම් දී තිබේ. ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට විභාග දෙපාර්තමේන්තුව විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

01. දරුවන් පිළිතුරු ලිවීමේදී ඒ සඳහා කලු හෝ නිල් පෑනක් භාවිත කළ හැකි අතර වෙනත් කිසිඳු වර්ණයක පෑන් භාවිත කළ නොහැකිය.

02. පිළිතුරු ලිවීම පැන්සලෙන්ද කළ හැකි අතර දරුවන්ට ඒ සඳහා පැන්සල් කිහිපයක් රැගෙන ආ හැකියි.

03. මකන, අඩි කෝදු ආදී උපකරණ ද විදාග මධ්‍යස්ථානයට රැගෙන පැමිණිය යුතුයි.

04. විභාග මධ්‍යස්ථානයට අවශ්‍යනම් වතුර බෝතලයක් රැගෙන යා හැක.

05. ස්මාර්ට් අත්ඔරලෝසු සහ ෆයිල් කවර ආදිය විභාග මධ්‍යස්ථානය තුළට රැගෙන යාමට අවසර නැත.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු පෙනී සිටින බවත්, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849 කදී විභාගය පැවැත්වේ.

Related posts

High Court rejects Hemasiri and Pujith’s preliminary objections

Mohamed Dilsad

Flour price hike irks Bakery Owners

Mohamed Dilsad

විදුලි බිලට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා

Mohamed Dilsad

Leave a Comment