Trending Newsඑසැන පුවත්දේශීය

බෝ ගස වැඩක් නැතැයි කියන මාක්ස්වාදියෝ යැයි කියා ගන්නා අය පහර දෙන්නේ රටේ සංස්කෘතියට – පූජ්‍ය ඕමාරේ කස්සප හිමි

ඇතැම් දේශපාලන වේදිකාවලදී බුදුදහමට තර්ජන එල්ල කරන මොහොතක මහාසංඝරත්නය ලෙස  නිහඬව සිටීමට නොහැකි බව පූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන්වහන්සේ පවසති.

ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාදය පළ කරමින් , මාතර දී පැවති දකුණු පළාත් සඟ සමුළුවට එක්වෙමින් කස්සප හිමියෝ එසේ පැවසූහ.

සඟ සමුලුව ඇමතූ පූජ්‍ය ඕමරේ කස්සප ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළේ බුදුදහමට තර්ජනයක් එල්ල වන ආකාරයේ මහාචාර්යවරියක් දේශපාලන වේදිකාවක අදහස් දක්වන බවයි.

ඕමාරේ කස්සප ස්වාමීන් වහන්සේ මෙසේ ද කීවේය. අරගලය මුවාවෙන් දියත් කළේ සම්බුද්ධ සාසනයට දැවැන්ත ආක්‍රමණයක්. සමහරු කියන විදියට බෝගහෙන් වැඩක් නෑ. කොස් ගහකට බුදු හාමුදුරුවෝ පිට දුන්නම් අප ට කොස් කන්න නෑ. බෝගහ කිසිම වැඩකට නැති ගහක්. මේවා ඇහෙද්දි අපට නිහඬව ඉන්න බැහැ. රටක සංස්කෘතිකයකට ගහලා මොනවද බලාපොරොත්තු වෙන්නේ. මේකද මාක්ස්වාදය කියන්නේ. මේ කියන වෙනසක් අපට එපා යැයි ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.

පූජ්‍ය දොඩම්පහල ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ ඇතුළු නායක ස්වාමීන් වහන්සේලා කිහිප නමක් එහිදී අදහස් දැක්වූහ.

Related posts

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතයි [VIDEO]

Mohamed Dilsad

Pramitha Bandara Resigns As PC Minister

Mohamed Dilsad

“No patients of Dr. Shafi have come forward for tests in sterilization case” – Health Ministry

Mohamed Dilsad

Leave a Comment