Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්ද විමසීමේ කාලසීමාවේදී ඡන්දපොළට දුරකථනය රැගෙනයාම තහනම් – මැතිවරණ කොමිෂම

මෙවර මැතිවරණයේ දී සියලු පාර්ශ්වයන් මැතිවරණ නීති රීති අනුව කටයුතු කරන්නැයි මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටී. ඡන්ද විමසීමේ කාලසීමාවේදී ඡන්දපොළට දුරකථනය රැගෙනයාම තහනම් කෙරේ.

මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා, “මාධ්‍ය උපමානවලට සාමාජ මාධ්‍ය ඇතුළත් කරලා තිබුණත් සමාජ මාධ්‍ය නීතිවලට නීති නැහැ. අසාධනීය කාරණා වැළැක්වීමට හැකිතාක් උත්සා කරනවා. සමාජ මාධ්‍ය පිළිබඳව නිරත්නතර විමසිල්ලෙන් සිටිනවා.

සැප්තැම්බර් 18 වනදායින් පස්සේ එන්නේ පැය 48ක නිහඬ කාලයක්. ඒ කාලය තුළ මාධ්‍ය කොයි ආකාරයෙන්ද හැසිරෙන්නේ කියන එක විශේෂයෙන් වැදගත්. මේ පැය 48 නිදහසේ ඉන්න දීලා තියෙන්නේ ඡන්දදායකයාට අන්තිම තීරණය ගන්න පහසු කරන්න.

ඡන්ද විමසීම් කාලසීමාව තුළදී ඡන්දදායකයෙකුට හෝ අපේක්ෂකයෙකුට දුරකථන රැගෙන ඡන්ද පොළට යන්න බැහැ කියලා  අපි තහනමක් පනවා තිබෙනවා. ඡායාරූප ලබාගැනීම සම්පූර්ණයෙන් තහනම්. තැපැල් ඡන්දයේදී එහෙම කරපු අය දැන් ඉන්නේ අත්අඩංගුවට ගෙන තියෙනවා.

පළවෙනි අවස්ථාවේදී අපේක්ෂකයා 50%ක් සහ තව එක ඡන්දයක් ගත්තොත් එතනදී මුල් අදියර අවසන්. එතකොට අපිට පුළුවන් ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්

Related posts

Two arrested over clash after Sri Lanka vs. South Africa match

Mohamed Dilsad

USD 480 million grant to Sri Lanka; Agreement to be signed in December

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල්යාමේ අවදානමක්

Mohamed Dilsad

Leave a Comment