Trending News

නිෂ්පාදනය ඉහළදමා, අපනයනය වැඩි කර, ශක්තිමත් ආර්ථිකයක් ඇති කරනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

සෑම රාජ්‍ය ගණුදෙනුවක්ම විනිවිදභාවයකින් සිදුකරමින් හොරු බිහිනොවන රාජ්‍ය පාලනයක් ගෙන යන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා විසින් සංවිධාන කළ නුගේගොඩ පැවති ජනහමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය.

නිෂ්පාදනය ඉහළ දමා, අපනයනය වැඩිකර ශක්තිමත් ආර්ථිකයක් සකසන බවද, ජනතාව දුප්පත් කමින් මුදවා ගැනීම තම එකම අරමුණ බවයි සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ. ප්‍රතිඵළ කේන්ද්‍රීය රාජ්‍ය පාලනයක් ඇති කරන බවද, සෑම රාජ්‍ය ගනුදෙනුවක්ම, ප්‍රසම්පාදනයෙන් විනිවිද භාවයෙන් යුතුව සිදු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

Related posts

“UN Assignment in Mali endorses Sri Lanka Army’s international professional capabilities” – Commander of the Army

Mohamed Dilsad

இளைஞர் மற்றும் விளையாட்டு கழகங்களுக்கு விளையாட்டு உபகரணங்கள் வழங்கிவைப்பு

Mohamed Dilsad

ඩොලරය ඉහළ යෑම සමග ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණයත් ඉහළට

Editor O

Leave a Comment