Trending Newsඑසැන පුවත්දේශීය

සේවකයන්ගේ අවම වේතන (සංශෝධන) පනත කථානායක විසින් සහතික කරයි.

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිය සහතිකය සටහන් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව අද (11) කථානායකවරයා විසින් සිය සහතිකය සටහන් කර ඇත.

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය පසුගිය 03 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වින. එහිදී මෙම පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත වූ බව සඳහන්. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 48 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත ලෙස හඳුන්වන බවද සඳහන්.

Related posts

கைத்தொழில் மற்றும் வர்த்தகம், நீண்டகால இடம்பெயர்ந்தோர் மீள்குடியேற்றம், கூட்டுறவு அபிவிருத்தி அமைச்சராக ரிஷாட் பதியுதீன்

Mohamed Dilsad

සැකකටයුතු මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු වෙරළට

Mohamed Dilsad

இன்றும் மழையுடனான காலநிலை

Mohamed Dilsad

Leave a Comment