Trending Newsඑසැන පුවත්දේශීය

ජනතාවගේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න, රට වෙනුවෙන් නිවැරැදි තීරණය ගත්තා- පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමරසිංහ

සජිත් ප්‍රේමදාස මහත්තයා මීළඟ ජනාධිපති වෙනවා. ඒක නිසයි සජිත් මහත්තයට සහය දෙන්න තීරණය කළ බවත්, ගිලෙන බෝට්ටුවල ඉන්න කවුරුවත් කැමැති නැති බවත්, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කීවාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය මෙසේ ද කීවාය. ආණ්ඩුවෙන් කිසිම ලාබ ප්‍රයෝජනයක් මම අරගෙන නැහැ. මම ස්වාධීන තීරණ ගන්නවා. කාගෙවත් අතකොලුවක් වෙන්නේ නැහැ. මම වැඩ කරන්නේ මගේ හෘද සාක්ෂිය අනුව. සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයේ දී ජනතාව වැරැදි තීරණයක් ගත්තොත් භීෂණයක් ඇති වී රට විනාස වේවි. වැරැද්දක් දැක දැක නිහඬව ඉන්න මට බැහැ. ඒ නිසා මම නිවැරැදිම තීරණය රට වෙනුවෙන් ගත්තා. ආණ්ඩුවෙන් මම කිසිදෙයක් අරගෙන නෑ. ඒ නිසා මම ණයත් නෑ බයත් නෑ. මම ස්වාධින තීන්දු තීරණ ගන්නේ. මම ගීතා කුමාරසිංහ. මේ රටේ ස්වහසක් කලාකාරයින්ගේ හිත දිනාගත්ත කෙනෙක් මම. අපේ ජනාධිපතිතුමා එතුමාව ජනාධිපති කරන්න මමත් ඡන්දෙ දුන්නා. පාර්ලිමේන්තුවේ මගේ ඡන්දෙත් එතුමා ඔය අද ඉන්න පුටුවට එන්න හම්බවුණා. එතුමා ඊයේ වෙනකොට මාව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයෙන් අයින් කළා. දවස් කියකටද. තව දවස් 8යි තියෙන්නේ ජනාධිපතිවරණයට ඔය වගේ සිඟිති ආතල් දෙන්න හොඳ නෑ ජනාධිපති කෙනෙක් විදියට.  ඔයා සජිත් ගාවට ගියේ දිනන නිසා නේද කියා අහනවා. මම කිව්වා ඔව්. දිනන නිසාමයි ගියේ. පැරදෙන එකකට ගිහිල්ලා. ගිලෙන බෝට්ටුවකට ගිහිල්ලා සියදිවි නසාගන්න මට ඕනේ නෑනේ. ඔව් මම දිනනවා කියලා දන්වා. ඒ විශ්වාසය මට තියෙනවා. යැයි කීවාය.

Related posts

ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණයක් නැහැ

Mohamed Dilsad

Taron Egerton: Was not happy making ‘Robin Hood’

Mohamed Dilsad

உலக கோப்பை கால்பந்து போட்டி இன்று தொடக்கம்

Mohamed Dilsad

Leave a Comment