දේශීය

ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණයක් නැහැ

(UTV | කොළඹ) – පවතින තත්ත්වය හමුවේ කිසි ලෙසකින් ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණයක් ගෙන නොමැති බව ආණ්ඩුව පවසනවා.

පවතින බලශක්ති අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (22) පස්වරුවේ පැවති විශේෂ කැබිනට් රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, වරායට පැමිණ ඇති ඉන්ධන නෞකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට ද එහිදී තීරණය වී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ කැබිනට් රැස්වීමට අමාත්‍යවරුන් මෙන්ම මහබැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද එක්ව සිටි බව සඳහන්.

Related posts

ගැටලු විසඳන්න අස්වැසුම සතියක්

Mohamed Dilsad

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රා ලක්ෂ 06 ලබන බදාදා ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් ගැසට්ටුවක් නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment