දේශීය

ගැටලු විසඳන්න අස්වැසුම සතියක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ‍පවතින ගැටලු විසඳීම සඳහා ‘අස්වැසුම සතියක්’ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව නොවැම්බර් මස 06 වනදා සිට 11 වැනිදා දක්වා අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා ඇති නමුත් මෙතෙක් ප්‍රතිලාභ ලැබී නොමැති පවුල් මෙන්ම තාක්ෂණික ගැටලු හේතුවෙන් ප්‍රතිලාභ ප්‍රමාද වීම ඇතුළු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

 

එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අගෝස්තු මාසයට අදාළ ගෙවීම් හෙට (01) සිට ආරම්භ කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

 

“දැනට අපි ගෙවීම් කරලා තියෙන්නේ ජුලි මාසයට අදාළව. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යාංශය මහ භාණ්ඩාගාරය විසින් ප්‍රතිලාභීන් වෙත 1,365,000ක් සඳහා රුපියල් බිලියන 8.5ක මුදලක් ලබාදෙන් කටයුතු කළා. ඒ අනුව ප්‍රතිලාභීන් සඳහා බදාදා දිනයේ සිට ඔවුන්ගේ ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාවක් තියෙනවා.”

 

Related posts

කාන්තාවක් සී.අයි.ඩී. ගොඩනැගිල්ලෙන් පැන මරුට

Mohamed Dilsad

නිවසක් තුළ පුද්ගලයෙක් පිළිස්සී මරුට

Mohamed Dilsad

“වැඩ බලන ජනාධිපති” ගේ විශේෂ ප්‍රකාශය

Mohamed Dilsad

Leave a Comment