Trending Newsඑසැන පුවත්දේශීය

රට දියුණු කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව, ජනතාව තේරුම්ගෙන තියෙනවා. – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්

උතුරු නැගෙනහිර වගේම දකුණේත්, සහජීවනය ගොඩනගා රට දියුණු කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා යැයි සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. රිෂාඩ් බදියුදීන් මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වූ බදියුදීන් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. උතුරේ වගේම දකුණේත්, ජනතාව ඉල්ලන නායකයා සජිත් ප්‍රේමදාස මහතායි. උතුරු නැගෙනහිර සහ දකුණේ දිස්ත්‍රික්ක ගණනාවක මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවෙද්දී සජිත් ප්‍රේමදාස මහතාට ඉතා ඉහළ ජන ප්‍රසාදයක් තියෙන බව තහවුරු වෙලා තියෙනවා. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් ව සිටින අපේක්ෂකයින් අතරින්, රට ගොඩනැගිය හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව, රටේ ජනතාව තේරුම්ගෙන තියෙනවා. ජනතාව අතර, සමගිය සහජීවනය ගොඩනගා රට දියුණු කළ හැකි නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා බව රටේම ජනතාව අවබෝධකරගෙන තියෙනවා. යැයි ද කීවේය.

Related posts

Lane rule to be strictly implemented for motorists

Mohamed Dilsad

1,2558 New Samurdhi beneficiations in Vavuniya District

Mohamed Dilsad

ஜனாதிபதி தலைமையில் இன்று இடர் முகாமைத்துவ தேசிய குழுக்கூட்டம்

Mohamed Dilsad

Leave a Comment