Trending Newsකලාදේශීය

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණයෙන්, ජීවනෝපායට බලපෑම් එල්ල වූ ධීවරයින් කොටසකට වන්දි ගෙවා අවසන් – ජනාධිපති

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණය හේතුවෙන් ජීවනෝපායට බලපෑම් එල්ල වූ ධීවර ජනතාවගෙන් කොටසකට වන්දි ගෙවීම් මේවන විටත් සිදු කර තිබෙන බවත් ඉතිරි කොටස සඳහා ද අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (08) රාත්‍රියේ මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේ දී එම ජනතාව හමු වූ අවස්ථාවේ ඔවුන් සිදු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

එහිදී මොරටුව ප්‍රදේශයේ ජීවත්වන වඩු කාර්මිකයන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන ලෙස සිදු කළ ඉලලීමට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ අවිධිමත් ශ්‍රම වෙළෙඳපොලේ රැකියා කරන සියලු දෙනා වෙනුවෙන් ආරම්භ කරන විශ්‍රාම වැටුප සහ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ පිළිබඳව ‘පුළුවන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ සඳහන් කර තිබෙන බවයි.

වරාය පහසුකම් වැඩිදියුණු කරන ලෙස මෙහිදී ඉදිරිපත් කෙරුණු යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ ත්‍රිකුණාමලය වරායේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් පවතින අතර ඊට සමගාමීව හම්බන්තොට සහ කොළඹ වරායද සංවර්ධන කෙරෙන බවයි.

Related posts

மட்­டக்­க­ளப்பில் 3400 மல­சல கூடங்­களை அமைப்­ப­தற்கு இந்­திய அரசு உதவி

Mohamed Dilsad

CAA earns an income of Rs 90.2 million as fines

Mohamed Dilsad

சவூதி சென்ற இலங்கை பெண் தொடர்பில் வந்த அழைப்பு

Mohamed Dilsad

Leave a Comment