Trending Newsඑසැන පුවත්දේශීය

රැකියා ලක්ෂ 20 ක් උත්පාදනය සැලැස්මක් තියෙනවා – ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් වෙනුවෙන් සෑම අවස්ථාවකම පෙනී සිටින බව, ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමකදී ඒ මහතා මෙම අදහස් පළකළා.

එහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය. තමාගේ නායක්තවය යටෙත් පිහිටුවන ආණ්ඩුවකින්, රැකියා විසිලක්ෂයක් බිහි කරමින් විරැකියාවට විසදුම් ලබාදෙනව. රටේ තිබෙන ගැටලුවලට පැලැස්තර විසඳුම් සෙවීමේ යුගය අවසන් කර, ආර්ථිකයෙන් ශක්තිමත් පුරවැසියන් සිටින රටක් බිහි කිරීම සඳහා දේශපාලන වැඩපිළිලක් තිබෙන බවද නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේය. විදේශ රැකියා වෙළෙඳපොළට අවශ්‍ය කරන පුහුණු ශ්‍රමය මෙරටින් සැපයීම සඳහා අවශ්‍ය ආකාරයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බවද නාමල් රාජපක්ෂ මහතා කීවේය.

Related posts

President recalls Austria Envoy over “Unanswered phone call”

Mohamed Dilsad

කොරෝනා අසාදිත තවත් රෝගියෙක් සුවය ලබයි

Mohamed Dilsad

பூகொட பிரதேசத்தில் வெடிப்பு சம்பவம்…

Mohamed Dilsad

Leave a Comment