Trending Newsඑසැන පුවත්දේශීය

ඉලංකයෙි තමිල් අරුසු පක්ෂයේ නායකයා ජනාධිපති රනිල් ගැන විශ්වාසය තබයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර දෙමළ ජනතාවගේ ගැටලු විසඳා උතුරු පළාතේ සංවර්ධනය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, යාපනය තෙලිප්පලෙයි හි ප්‍රදේශයේදී, ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (7) පස්වරුවේ හමුවිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජනපතිවරණ ජනරැලි දෙකක් ඇමතීම සඳහා යාපනයට පැමිණි අතරවාරයේදී එම හමුව පැවැත්වින.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා සමඟ පැවති හමුවේ දී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙන්ම දෙමළ ජනතාවගේ ගැටළු සහ උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කළ බවයි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී නැවක විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උතුරේ දෙමළ ජනතාවගේ ගැටලුව විසඳීමට මහඟු වගකීමක් පැවරි ඇති බවද සේනාධිරාජා මහතා පෙන්වා දුන්නේය.

යුද්ධයෙන් විනාශයට පත් ප්‍රදේශ යළි සංවර්ධනය කරමින් එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බව මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේය.

Related posts

දේශීය වෙදකම පිළිබඳව ජනපති අවධානය

Mohamed Dilsad

සාගර කාරියවසම් ට අලුත් තනතුරක්

Mohamed Dilsad

මධුෂ් සමග සබඳතා පැවැත්වූ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment