Trending Newsඑසැන පුවත්දේශීය

නාමල්ගේ වැලිමඩ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් අරන් ඇවිත්

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක  නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ පැවැති ජන හමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

රැස්වීම පැවැත්වෙන අතරතුරදී පාසල් සිසුවෙකු හා විශ්වවිද්‍යාල සිසුවෙකු රැස්වීම් ශාලාවට ඇතුළු වීමට උත්සාහ දැරීමේදී  එහි  සිටි නිලධාරීන් පරීක්ෂාවට ලක් කිරීමේදී එම තරුණයෙක් සතුව තිබූ පිස්තෝලයක් හමුවීතිබේ. ඒවා ප්ලාස්ටික් පිස්තෝල බවට තහවුරු කර ඇත.එම තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැලිමඩ පොලීසියට බාර දී තිබේ.

තම දෙමාපියන් එම රැස්වීම් ශාලාවේ සිටීම නිසා තමන් දෙදෙනා ආපසු නිවෙස් බලා යන බවට දැනුම් දීමට මෙසේ රැස්වීම් ශාලාවට පැමිණි බවද එම තරුණයන් දෙදෙනා සඳහන් කර තිබේ.

Related posts

France blames Iran for foiled Paris bomb plot

Mohamed Dilsad

பேஸ்புக் தடையை விரைவாக நீக்க வேண்டும் என அமைச்சர் மகிந்த அமரவீர

Mohamed Dilsad

උසස් පෙළ සිසුවෙකුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment