Trending Newsඑසැන පුවත්දේශීය

කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිව්‍රරුම් දෙයි.

කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද උදෑසන (03) දිවුරුම් දුන්නේය.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වූයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ තලතා අතුකෝරල මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමෙන් ඇති වූ පුරප්පාඩුවටය.

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව පසුගිය අගෝස්තු 21 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

මේ අතර 2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් කරුණාරත්න පරණවිතාන මහතා ලබා තිබූ මනාප ගණන 36,787කි

Related posts

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

Mohamed Dilsad

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම මේ මස අවසානයේදී

Mohamed Dilsad

ප්‍රියන්ත කුමාර ඝාතනය සම්බන්ධයෙන් පාකිස්ථාන පාර්ලිමේන්තුවේ විවාදය අද

Mohamed Dilsad

Leave a Comment