Trending Newsඑසැන පුවත්දේශීය

දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් ජනාධිපතිවරණයේදී සජිත්ට සහය දීමට තීරණය කිරීම සහ ඉන්දීය ආරක්ෂක උපදේශකගේ ශ්‍රී ලංකා සංචාරය

ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකුට සහාය පළ කර සාකච්ඡා මාර්ගයෙන් දෙමළ ජනතාවගේ අභිලාෂයන් තහවුරු කරගැනීමට උත්සහා කරන ලෙසට මෙරට සංචාරයේ නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් උතුරු – නැගෙනහිර දෙමළ මහජන නියෝජිතයින්ට උපදෙස් ලබා දී අතැයි අනාවරණය වෙයි. දේශපාලන පක්ෂ නියෝජනය කරන උතුරේ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ බ්‍රහස්පතින්දා ඉන්දියා හවුස් හි පැවැති සාකච්ඡාචාවකදී එම අදහස් හුවමරු වී ඇති බව සඳහන්.

අදාළ සාකච්ඡාවට ඉලංකෙයි තමිල් අරසු කච්චිහි එම්.ඒ. සුමන්තිරන් සහ එස් ශ්‍රීදරන්, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ සෙල්වම් අඩෙයිකලනාදන්, දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානයේ සිද්ධාර්ථන්, දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාජා කජේන්ද්‍රන් යන මහත්වරුන් එක්වූ බව සඳහන්. එහි දී මන්ත්‍රීවරුන් විසින් මෙරට පවතින තත්ත්වය පිළිබඳව කරුණු සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ඉලංකෛ තමිල් අරසු කච්චි අද (01) තීරණය කළා. පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් අදාළ තීරණය ගත් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශන්මුගම් කුගදාසන් මහතා ඇතුළු පිරිසක් දෙමළ පොදු අපේක්ෂක පී. අරියනේද්‍රන් මහතාට සහාය පළ කිරීම සඳහා වන යෝජනාවක් සම්මත කර ගෙන තිබිණ, කෙසේ වෙතත් අද (01) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් එම්.ඒ සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ, එසේම දෙමළ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදුන් පී. අරියනේද්‍රන් මහතාට සහාය නොදීමට තීරණය කළ බවයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කිරීමට ද එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ද සුමන්දිරන් මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා මේ වනවිට බ්‍රිතාන්‍යයේ සංචාරක නිරත වී ඇති අවස්ථාවක මෙවැනි තීරණයක් ප්‍රකාශයට පත් කර තිබීම විමතියට හේතුවක් බවයි, පාක්ෂිකයන් සදහන් කරයි.

මේ අතර එම්.ඒ සුමන්දිරන් මහතා විසින් සහාය පළ කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින්, සිය ස්තූතිය පළ කර තිබිණ.

Related posts

‘Esala’ Perahera commences from today

Mohamed Dilsad

අදත් සුළං සමඟ වැසි

Mohamed Dilsad

Brilliant Adams grabs hat-trick as battered Wales reach quarters

Mohamed Dilsad

Leave a Comment