Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති සතු විධායක බලය තිබිය යුතුයි – ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා

(UTV | කොළඹ) –

ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතු බවත් එම තනතුරට සුදුසු පුද්ගලයකු පත්වී පාර්ලිමේන්තුවේ සිටින සොරුන් ඉවත්කර දූෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන පිරිසිදු කළ යුතු බව ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි.

පක්ෂවලට වහල් නොවී ස්වාධීනව සහ බුද්ධිමත්ව කටයුතු කර ජාතික නායකයන්ට රට භාරදීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව ද ෆොන්සේකා මහතා සඳහන් කර යි.

පරිණත බව හා නායකත්වය ලබාදීමට නොහැකි පුද්ගලයන් ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු නැහැ. පාර්ලිමේන්තුව තුළ දූෂකයන් සහ සොරුන් බහුතරයක් සිටින බැවින් කිසිවිටක විධායක බලතල ඉවත්කර යුතු නැහැ. විධායක බලතල පවතින තැනට නිවැරදි පුද්ගලයෙකු පැමිණ සොරුන් සහ දූෂණයට අදාළව වැඩ කළ යුතු ආයතන පිරිසිදු කළ යුතු යි.

එකම කණ්ඩායම් විවිධ දේශපාලන පක්ෂ නිර්මාණය කර ගනිමින් ජනතාව ළඟට පැමිණිය ද ඔවුන්ගේ මානසිකත්වය වෙනස්වී නැහැ.

සමගි ජන බලවේගයේ දොරගුළු විවෘත කරමින් ඕනෑම සොරෙකුට වුවද පක්ෂයට එක්වීමට අවස්ථා උදාකිරිම හේතුවෙන් තමන්ට එම පක්ෂය තුළ අභිමානයෙන් යුතුව කටයුතු කිරීමට හැකියාවක් නොමැති හෙයින් තමන් ඉන් ඉවත් වූ බවද වැඩිදුර අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේය.

Related posts

ගාස්තු සංශෝධනයෙන් ලංවිම අතීත පාඩුව අයකර ගැනීමට රජය යෝජනා කර නැහැ – කංචන

Mohamed Dilsad

Mohammed bin Salman named Saudi Arabia’s Crown Prince

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment