Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් ජනාධිපතිවරණ ට පිවිසෙන්නේ ඡන්ද ලක්ෂ 71ක් අතේ තියන් – රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

(UTV | කොළඹ) –

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණ ට පිවිසෙන්නේ ඡන්ද ලක්ෂ 71ක් අතැතිව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි. කෑගල්ල දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂක හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවැසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීවේය. මෙවර ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 17,000,000කි. ඉන් මෙරට සාමාන්‍ය ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අනුව 85%ක පමණ පිරිසක් ඡන්ද භාවිත කරනු ඇතැයි උපකල්පනය කළ විට එම ඡන්ද ප්‍රමාණය 13,600,000ක් පමණ ය. ජනාධිපතිවරණය ජය ගැනීමට හෙවත් 51%ක ප්‍රතිශතයක් සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව 6,936,000කි. 2020 මහ මැතිවරණයේ දී පොදු ජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 6,853,690කි. සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද ප්‍රමාණය 2,771,980කි. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 445,958ක් සහ එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 250,000ක් හිමි විය. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද 250,000ත්, පොදු ජන පෙරමුණේ ඡන්ද 69 ලක්ෂයත් මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිමි වන බැවින් ඡන්ද ලක්ෂ 71ක පැහැදිලි බලයක් අතැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙයින් පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණය අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙත ඡන්ද ලක්ෂ 10ක් ද ජාතික ජන බලවේගය වෙත ඡන්ද ලක්ෂ 10ක් ද බෙදී ගිය හොත් ඡන්ද ලක්ෂ 51ක් රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිමි වෙයි. පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ 28ක ඡන්ද ප්‍රමාණයක් භාවිත කර නොමැති බැවින් ඉන් ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් මෙවර අනිවාර්යයෙන් ම රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිමි වන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. මීට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැගෙනහිර ජනතාවගේ විශ්වාසය දිනා ගත් නායකයකු බවත් එබැවින් එම ඡන්ද ප්‍රමාණයෙන් ද බහුතරයක් ඔහුට හිමි වන බවත් අමාත්‍යවරයා පැවැසීය. මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඊපීඩීපී සංවිධානය ද ජනාධිපතිවරයා සමග සිටිනවා යැයි ද කීවේය.

Related posts

மாணவர்களுக்கு ஓர் மகிழ்ச்சியான செய்தி

Mohamed Dilsad

203 கிலோ கிராம் கேரளா கஞ்சாவுடன் ஒருவர் கைது

Mohamed Dilsad

Commission on Srilakan Air lines, Sri Lankan catering and Mihin Air named

Mohamed Dilsad

Leave a Comment