Trending Newsඑසැන පුවත්දේශීය

දැවැන්ත ප්‍රායෝගික වැඩපිළිවෙලක් සමගින් රට ඉදිරියට ගෙනයන ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනවා – ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

(UTV | කොළඹ) –

දැවැන්ත ප්‍රායෝගික වැඩපිළිවෙලක් සමගින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියේදී එළිදක්වන බව ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. නාමල් රාජපක්ෂ මහතා තිස්සමහාරාම විහාරස්ථානයට ඊයේ (18) පැමිණ ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. මහා සංඝ රත්නය සෙත්පිරිත් සජ්ඣායනා කරමින් නාමල් රාජපක්ෂ මහතා ට ආශීර්වාද කළහ.

ආගමික වතාවත්වලින් පසුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. රටේ දරුවන්, ලෝක රැකියා වෙළඳපොළට ගැලපෙන ආකාරයේ අධ්‍යාපනයක් පාසල් කාලයේදීම ලබාදීමට අපි අපේක්ෂා කරනවා. දේශීයව වගා කළ හැකි සෑම දෙයක්ම දේශීයව වගා කරනවා. මත්ස්‍ය කර්මාන්තය වැඩිදියුණු කරනවා. සැමන් ආනයනය කරන්නේනැහැ. රටේ ජනතාව බඩගින්නේ තියන්නේ නැහැ. දේශීය නිෂ්පාදනවලට  ප්‍රමුඛත්වය දෙනවා. ඒ පිළිබඳව සැකසූ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරි සතියේදී එළි දක්වනවා. යැයි ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Related posts

ආගමික වැරදි විමර්ශනයට අලුත් ඒකකයක්

Mohamed Dilsad

Tense situation at Uva Provincial Council

Mohamed Dilsad

DMC introduced a special emergency hotline to inform disaster situations

Mohamed Dilsad

Leave a Comment