Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගත යුතු බව පැවසූ ඇතැම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු, සමගි ජනබලවේගයට හේත්තු වෙලා

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගත යුතු බව පැවසූ ඇතැම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු, සමගි ජනබලවේගයට හේත්තු වී ඇතැයි හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් මෑතක් වනතුරුම ශ්‍රීලනිපය කිසිවෙකුටවත් පාවානොදෙන බව සඳහන්කළා. එනමුත් එම පාර්ශ්වයන් මේ වන විට වෙනත් පක්ෂවලට ගිහින්.

වෙන්නප්පුව ප්‍රදේශයේ රැස්වීමකට සහභාගී වෙමින් විජයදාස රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේය. ඇතැමුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගණිකාවක් කර විකුණන්න සූදානම් වූ බවත් ශ්‍රීලනිපය යනු ගණිකාවක් නොවන බවත් හෙතෙම සඳහන් කළේය. වනවිට එම දේශපාලන ගණිකා වෘත්තීයේ යෙදෙන පාර්ශ්වයන් රනිල් පිළට සහ සජිත් පිළට එකතු වී ඇති බව ද විජයදාස රාජපක්ෂ මහතා එහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩවර්ජනයක්

Mohamed Dilsad

ஐக்கிய தேசிய முன்னணியுடன் இணைந்து போட்டியிட ஜாதிக ஹெல உறுமய

Mohamed Dilsad

பல்கலைக்கழக நுழைவிற்கான விண்ணப்பங்கள் அடுத்த மாதம்

Mohamed Dilsad

Leave a Comment