Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මත්පැන් මිල පහළ දමන බවට පළවූ වාර්තා අසත්‍යයි – සුරාබදු දෙපාර්මේන්තුව

(UTV | කොළඹ) –

අතිවිශේෂ මත්පැන් මිල පහත දමන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අතිවිශේෂ මත්පැන් මිල පහළ දමන මෙන් සුරාබදු දෙපාර්තමේන්තුව පසුගියදා කළ ඉල්ලීම මත්පැන් නිෂ්පාදන ආයතන ප්‍රතික්ෂේප කළ බවත්, මෙම කාලසීමාවේදී, මිල පහළ දැමීමක් සිදු නොවන බව ද සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කළේය.

මේ අතර, පසුගියදා සුරාබදු කොමසාරිස්වරයා සහ මත්පැන් සමාගම් අතර සාකච්ඡාවක් පවැත්වූ අතර, එහිදී සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ මත්පැන් සඳහා වැඩි වශයෙන් භාවිතා කරන ස්ප්‍රීතුවල මිල අඩුවී ඇති බවයි. එම නිසා අරක්කු මිල අඩුකරන ලෙස අදාළ සමාගම්වලින් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත්, මෙහිදී මත්පැන් සමාගම් සඳහන් කර තිබෙන්නේ අරක්කු බෝතල්වල මිලෙන් 80% ක් 90%ක්ම වැට් සහ වෙනත් බදුවලින් සමන්විත බවයි.

Related posts

Over 6,000 persons affected due to inclement weather

Mohamed Dilsad

Abelardo resigns as head coach but refuses £3.5m payout

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment