Trending Newsඑසැන පුවත්දේශීය

අමාත්‍ය ධූරයක් ජනාධිපතිවරයා යටතට පත්කර, අතිවිශේෂ ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) –

අධිකරණ‍, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගෙන තිබේ.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) ව්‍යවස්ථාව යටතේ, අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව එකී අමාත්‍ය ධූරයට ජනාධිපතිවරයා වෙත පවරාගෙන තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් එස්.බී. ඒකනායක මහතා විසින් නිකුත් කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‌ගේ නියම පරිදියි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම හේතුවෙන් විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ‍, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.

අදාළගැසට් නිවේදනය පහතින්

 

 

Related posts

Showers expected in five provinces

Mohamed Dilsad

சவுதி அரேபியாவில் முதல் முறையாக ஒரு பெண் துணை மந்திரியாக நியமனம்

Mohamed Dilsad

வட கொரிய தலைவரின் தங்கை தென்கொரியா பயணம்

Mohamed Dilsad

Leave a Comment