Trending Newsඑසැන පුවත්දේශීය

සුරක්ෂා සිසු රක්ෂණය මැතිවරණ කොමිෂමෙන් නතර කරයි.

(UTV | කොළඹ) –

සුරක්ෂා සිසු රක්ෂණය උරුමය ඔප්පු යනාදී සියලු ඔප්පු ප්‍රදානය කිරීම් ඡන්දය අවසන් වනතුරු නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා ඇතුළු ප්‍රධානීන්ට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ එවැනි බෙදාදීම්වලට කොමිසමේ විරෝධයක් නැතත්  ඡන්දයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක එවැනි බෙදාහැරීම් නිදහස් හා සාධාරණ ඡන්දයකට බාධා එල්ල විය හැකි හෙයින්  ඒවා ඡන්දය අවසන් වනතුරු තාවකාලිකව  නතර කිරීමට සිදුවන බවයි.

මේ අතර විවිධ පාර්ශ්වවලට විවිධ දීමනා ගෙවීමද මේ අවස්ථාවේදී කළ නොහැකි බව කොමිෂන් සභාව  සඳහන් කරයි. කොමිසම ඒ සම්බන්ධයෙන්  සාකච්ඡා කරන බව සභාපතිවරයා කීවේය.

පාසල් දරුවන්ට සුරක්ෂා රක්ෂණ ඔප්පු ගෙවීම ඡන්දය අවසන් වනතුරු නතර කරන ලෙස දන්වමින් මැතිවරණ කොමිෂන්  සභාව ජනාධිපති ලේකම්වරයාට පෙරේදා 3 ලිපියක් යවා ඇත.

Related posts

Gina Lopez, Philippine anti-mining advocate, dies aged 65

Mohamed Dilsad

From ‘Captain Marvel,’ to ‘Shazam’, here are music composers uniting for Comic-Con Panel

Mohamed Dilsad

අවසරලත් මැතිවරණ ප්‍රචාරක කාර්යාලවලට අදාළව මැතිවරණ කොමිෂමෙන් විශේෂ දැනුවත් කිරීමක්

Editor O

Leave a Comment