Trending Newsදේශීය

ජනාධිපතිවරණය ස‍්ඳහා පොලිස් නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට ලබාදෙනවා – මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්

(UTV | කොළඹ) –

මැතිවරණය පැවැත්වීම සඳහා පොලිසියෙන් කිසිදු බාධාවක් නැති බවත්, අවශ්‍ය සහාය පොලිසියෙන් ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයේ කටයුතු සඳහා ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන් අවශ්‍ය පරිදි යොදවන ලෙස තමා මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ලිඛිතව දන්වා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පවසයි.

ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය පොලිස් නිළධාරින් ලබා දීමට පියවර ගන්නා බවද, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලෙක්ම සහ මැතිවරණ කොමිසමට සාමාජිකයන් අතර, ඊයේ (31) පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

Related posts

UPDATE – රාගල වතු යායේ නිවසක ගින්නකින් එකම පවුලේ 5ක් මරුට

Mohamed Dilsad

Myanmar soldiers jailed for 10-years for Rohingya killings

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 800 ක් පමණ වැය වේවි – රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව

Editor O

Leave a Comment