Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බව ගාල්ලේ දී රනිල් කියයි.

(UTV | කොළඹ) –

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) සංවිධානය කර තිබූ රැලියට අමාත්‍යවරුන් වන ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, ගීතා කුමාරසිංහ ඇතුළු පිරිසක් එක් වූහ. ගාල්ල ප්‍රදේශයේදී “එක්ව ජයගමු” යන මැයෙන් රැළිය සංවිධානය කර තිබිණ,

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු පුරපතිනී රෝසි සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, වජිර අබේවර්ධන සහ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ද එම ජනරැළියට සහභාගී වූහ.

ජනාධිපතිවරණය සඳහා තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  එම රැළිය අමතමින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඊට අදාළව තමන් ඊයේ දිනයේ දී ඇප තැන්පත් කිරීම ද සිදුකළ බවය.

Related posts

பிரிக்ஸிட் ஒப்பந்தம் குறித்த பேச்சுவார்த்தைகள் இன்று முதல்

Mohamed Dilsad

Udayanga Weeratunga currently in UAE – says CID

Mohamed Dilsad

No-confidence motion against Govt. defeated

Mohamed Dilsad

Leave a Comment