Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදිය හැකියි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

(UTV | කොළඹ) –

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉල්ලා සිටින ආකාරයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

පසුගිය අයවැයෙන් මැතිවරණ කටයුතු සඳහා රුපියල් බිලියන 10 ක මුදලක් වෙන් කළ අතර, මුදල් ප්‍රවාහ අතර කිසිදු ගැටුමක් නොවන ආකාරයට එම මුදල් නිදහස් කිරීමට ආර්ථිකය මනා ලෙස කළමණාකරණය කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව මැතිවරණ කොමසාරිස් කාර්යාලය රුපියල් බිලියන 08 කට ආසන්න වියදම් ඇස්තමේන්තුවක් එවා ඇති බවත්, මුද්‍රණ කටයුතු, ආරක්ෂක කටයුතු, ඉන්ධන, ඡන්ද පෙට්ටි සැකසීම ආදී හදිසි ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් එම මුදල් නිදහස් කිරීමට මහා භාණ්ඩාගාරය සූදානම් බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වී ඇස්තමේන්තු ගත වියදම වැඩි වුවහොත් දැනට අවිනිශ්චිත කටයුතු සඳහා මුදලක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවද හෙතෙම කීවේය.

Related posts

UPFA refuses to be in a Government headed by Ranil Wickremesinghe

Mohamed Dilsad

சட்டவிரோதமாக பிரவேசிக்க முயன்ற 30 புகழிட கோரிக்கையாளர்கள் கைது

Mohamed Dilsad

Irina Shayk is open to romance after breakup with Bradley Cooper

Mohamed Dilsad

Leave a Comment