Trending Newsඑසැන පුවත්දේශීය

වාහනයට මත්ද්‍රව්‍යයක් දැමූවේ යැයි කියූ කොල්ලුපිටිය පොලීසියේ කොස්තාපල්ගේ වැඩ තහනම්

(UTV | කොළඹ) –

පොලිස් නිලධාරීන් පිරිසක් වාහනයක් පරික්ෂා කරන අවස්ථාවේ වාහනය තුළට පොලිස් කොස්තාපල්වරයෙකු විසින් කංසා දමා තරුණ පිරිසක් අමාරුවේ දැමීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය තහනම් කර තිබෙනවා. මේ සිදුවීමට අදාළ වීඩියෝව සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබී තිබිණ.

වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා කොල්ලුපිටිය පොලීසියේ, පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ අදාළ කංසා තොගය පොලීසියට බාර නොදීමේ චෝදනාව අනුව මෙම කොස්තාපල්වරයාගේ සේවය තහනම් කර ඇති බවයි.

එකී පොලිස් කොස්තාපල්වරයා රාජකාරිය පැහැර හැර ඇති බවත් වාහනයේ කංසා තිබුණු බවට පොලිස් නිලධාරීන් වාහනයේ ගමන් කළ තරුණයන්ට චෝදනා එල්ල කළේ නම් එම කංසා පොලිසියට ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබුණු බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

සමාජ මාධ්‍යයේ දකින්නට ලැබුණු ආකාරයට වාහනයේ ගමන් කළ තරුණයන් මෙම කංසා පොලිස් නිලධාරියා දැමූ බව පුන පුනා ප්‍රකාශ කර තිබුණි. මෙහි සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් වෑන් රියේ තිබූ බව කියනු ලබන කංසා පොලිසියට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර නැතැයි උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

Related posts

அடையாள வேலை நிறுத்தத்தில் புகையிரத தொழிற்சங்கம்?

Mohamed Dilsad

நீர்த்தேக்க பகுதியில் வாழும் மக்கள் அவதானமாக செயற்படுமாறு அறிவுறுத்தல்

Mohamed Dilsad

SLNS ‘Sagara’ and ‘Nandimithra’ arrive at Changi Harbour in Singapore

Mohamed Dilsad

Leave a Comment